පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, February 14, 2018

වෙට්ටු දාන ආණ්ඩුව සහ රට්ටු නොදත් පොහොට්ටුව

                             
        තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම පිණිස දෙමළ ජාතික සන්ධානය සමග එකතු වීම සිදු විය හැකි යයි අනාවැකි පළ වෙමින් ඇත.මැතිවරණ සමයේ එකිනෙකට බැණ ගනිමින් විවේචනයක් යෙදුණද එම රංගනයෙන් ඉවත් වෙමින් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට කැමැත්තෙන් සිටී.දොන් ජුවන් ධර්මපාල මෙන් අද ඔහු තනිවී ඇත.ඒ අතර විදෙස් තානාපතිවරුන් මැදිහත්ව සභාග ආණ්ඩුව එලෙසම තබා ගැනීමට කේවට්ට උපදෙස් දෙමින් සිටී. මේ වෙට්ටු සියල්ල බලය රැක ගැනීමටයි.පළාත් පාලන මැතිවරණයේ දී දිස්ත්‍රික්ක දහනවයක් ජයග්‍රණය කරමින් පොහොට්ටුව ලකුණින් තරඟ කළ පොදුජන පෙරමුණ සටහන් කළ බලය නිසා පාර්ලිමේන්තුව රැක ගනිමින් ඉදිරියට යෑම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව  බවට පත් වෙමින් ඇත.මේ වෙට්ටුව කුමක් සඳහා දැයි අවබෝධ කරගැනීම ඉතා වටනේය.
         2015 යහපාලන රජය බිහිකර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියට දමා තරඟ කරගැන්ම අත්‍යවශ්‍ය විය. ජනප්‍රිය නායකයෙකු නොවූ රනිල් මේ උපක්‍රමය යොදන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ බලය තහවුරු කර ගැනීම උදෙසාය. බලාපොරොත්තු වූ පරිදිම ජනාධිපතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් යනුවෙන් සභාගයක් පිහිටුවා සුළුතර බලයකින් රනිල් අගමැති බවට පත් විය. එය වඩාත් තහවුරු කරගැනීමට දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන ලද්දේය. ජනාධිපතිවරයාගේ බලතල අඩුකරනු ලැබූ අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම තීරණ ගැනීම ආදී කරුණු අගමැතිවරයාට පවරා ගැනීම සිදු විය. මේ නිසා ජනාධිපතිවරයා අගමැති ගේ සිරකරුවකු බවට පත් වීම වළක්වලිය නොහැකි විය. ව්‍යවස්ථාදායක සභාව හරහා පත් කරන ලද ඇතැම් පත්වීම මෙන්ම මහ බැංකු ප්‍රධානියාගේ පත්වීමද අගමැතිවරයාට අවශ්‍ය පරිදි සිදු කිරීමට ඉඩ දී නිහඬව බලා සිටීමට සිරිසේන මහතාට සිදු විය. භාණ්ඩාගර බිල්පත් අරභායා මහා වංචාවක් සිදු කරන ලද්දේ මේ නීත්‍යානුකූල නොවන පත්වීම හරහාය.එතනදී අගමැති වරයාගේ අණට ඉහළින් කිසිවක් ක්‍රියාත්මක නොවුණි. රට බෙදෙන ව්‍යස්ථා සංශෝධන ගෙන ඒ මේදී රණවිරුවන් මෙන්ම භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට පත් කිරීමේදී  අගමැතිවරයා තම හිතුවක්කාර පිළිවෙතෙහි සිටියේය.ජිනීවා යෝජනා සඳහා සම අනුග්‍රහය දකවමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළ බවට ලක් රජය පිළිගන්නා ලද්දේ අගමැතිවරයා මෙන්ම මංගල සමරවීර ඇමතිවරයා ගේ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසාවෙනි.
        මේ අතර උතුරේ මහ ඇමති විග්නේශ්වරන් සිය ජාතිවාදී ප්‍රකාශ මගින් දෙමළ ජනතාව කුලප්පු කරන ලද්දේය. ශිවජිලිංගම් සමබන්ධන් ඇතුළු නායකයන් සිටි උග්‍ර ජාතිවාදී මත ගෙන හැර දක්වමින් සිංහල ජනතාව වෙත වෛරය පතුරුවා හරින ලද්දේය. උතුරේ හමුදා කඳවුරු එකින් එක ඉවත් කරන ලද අතර සාලාව අවි ගබඩාව පුපුරුවා හැරීමකට ලක් කෙරිණ.සංහිඳියාව සඳහා යයි කියමින් දෙමළ බසින් ජාතික ගීය කීම ඇතුළු රටේ නීතියට එරෙහි සියළු කාරණා සිදු කරන ලදී. රිෂාඩ් බද්යුදීන්ට විරුද්ධව නැගුණු ජනතා හඩ යටපත් කරන ලදී. ඒ වෙනුවට නිරපරාදේ රණ විරුවන් බිල්ලට දෙමින් අතුරුදහන් වූවන් සඳහා කාර්යාල පණතක් හොර පාරෙන් සම්මත කරගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට යා යුතු ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවද නොමග යවමින් සංශෝධනයට ලක් කොට ඇත. මේ සඳහා දිගින් දිගටම මැතිවරණය කල් දැමුණු අතර ජනතා හඩට කන් නොදෙමින් එට්කා ගිවිසුම බලාත්මක කරලීමට රජය ක්‍රියා කරමින් තිබේ. එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රමුඛ අරමුණ වී තිබෙන්නේ උතුර සහ නැගෙනහිර  දෙපළාත එක් කරමින් සන්ධීය පාලන ක්‍රමයක් දෙමළ දේශපාලනඥයන්ට ලබා දීමයි. යහපාලන රජය පිහිටුවීම පිණිස උදව් උපකාර කළ විදෙස් බලවේග සතුටු කිරීම මෙහි බලාපොරෙත්තුවයි. සිරිසේන මහතා කැමැත්තෙන් හො අකමැත්තෙන් මෙයට එකඟ කරවාගෙන තිබෙන්නේ ඔහු ජනපති පුටුවේ බැඳ තබා ඇති බැවිනි.
       කෙසේ හෝ 2018 පෙබරවාරි 11 වනදා පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ වසර තුනකට ආසන්න කාලයක් කල් මරමිනි. මේ කාලය තුළ කෙතරම් දේශපාලන පළිගැනීම මත සිංහල ජනතාව පීඩනයට පත් වුවුද ඔවුහු වීදි නොබැස්සහ. උතුරේ මහඇමතිවරයා  ගේ කුපිත කිරීම් මධ්‍යයේ වුවද ඉතාමත් සාමකාමීව මේ කාලය ගත කර තිබේ. වරක් දෙවරක් නොව කීප වරක්ම ජාතිවාදී කෝලාහල අවුළුවා සිංහල ජනතාව මහපාරට බැස්සවීමට රජය උත්සාහ කරනු දක්නට ලැබුණි. එය සාර්ථක නොවිණි. කෙසේ හො මේ වසර තුන සිංහල ජනතාව පිට පීඩනය මුදා හැරීමට කටයුතු කරන ලද්දේ අප්‍රකටවයි. එහෙත් මහින්ද රජාපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මිදී පොහොට්ටුව නමැති පක්ෂයෙන් තනිව තරඟ කිරීමට තීරණය ගත් විට ජනතාව ඔහු වෙත රොද බඳිමින් එහි ජයග්‍රණය වෙනුවෙන් කැප කළහ. එහි ප්‍රතිඵලය අද අප ඉදිරියේ දක්නට තිබේ.මෙතෙක් තම හදවතේ කැකෑරෙමින් පැවති කෝපය කලකිරීම මැතිවරණය හරහා ප්‍රකාශ කරමින් සිංහල ජනතාව විශිෂ්ඨ දේශපාලන පරිචයක් ප්‍රදර්ශනය කොට ඇත.
            රට්ටු කිසිවෙක් තවමත් පොහොට්ටුව ගැන නොදනී. එහි සභාපතිවරයා සහ ලේකම් වරයා ගැනවත් ඇතැම් විට නොදනී. එහෙත් එම කණ්ඩායම විදෙස් ගැති යහපාලන රජය පරාජය කරලීමට ඉදිරිපත් වූ ජාතික බලවේගයක් ලෙසට ජනතාව හඳුනාගෙන ඇත. එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා දරණ බවද ඔවුහු දනී. එම නිසා පොහොට්ටුවේ ව්‍යවස්ථාව කුමක් වුවත් මේ අවස්ථාවේ දී දුෂ්ඨ බලවේගය බිම දැමිය හැකි හොඳම ප්‍රතිමල්ලවයා පොහොට්ටුව තුළින් මතුවන බව ජනතාව විශ්වාස කළහ. පොහොට්ටුවේ නාම යෝජනා ඇතැම් තන්හි ප්‍රතික්ෂේප වද්දී වෙනත් ලකුණකින් තරඟ කළ ස්වාධීන කණ්ඩායමකට පවා ජනතාව විසින් චන්දය දෙන ලද්දේ මේ හේතුව නිසාවෙනි. කෙසේ වෙතත් ජාතිකත්ව සමගියෙන් යුතුව 2010 දී ප්‍රකාශ කලා සේම මේ අවස්ථාවේදීද එම හැසිරීම මතවාදීව මනාව ඉදිරියට දමා තිබේ.එහෙත් එම ජන මතයට හිස නමා ඒ අනුව වැඩ කිරීමට පොහොට්ටුවේ පිරිස සූදානම් දැයි තවම සැකයක් තිබේ. මෙම පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ කඩිමුඩියේ සම්මත කරගත් සීමා නිරණ පණත් සහ කමිටු වල නිර්දේශ අනුවයි. එහිදී සියයට තිහේ නියෝජනය වෙනුවට සියයට හතළිහ නියෝජනය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සහ ෆයිසර් මුස්තාපා කණ්ඩායමට  මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් අවශ්‍යව තිබුණි. එයට ප්‍රබල විරෝධයක් ඒකාබද්ධ විපක්ෂයෙන්ද එල්ල නොවුණි. එහි ප්‍රතිඵලය දැන් දක්නට ලැබේ.පොහොට්ටුව විසින් ජයග්‍රහණය අත්පත් කරගන්නා ලද ඇතැම් පළාත් පාලන ආයතන වල බලය මනාප ලැයිස්තු මන්ත්‍රී වරුන් හරහා ඩැහැ ගැනීමට එ.ජා.ප.ය උතසාහ කරමින් ඇත. විශේෂයෙන්ම නුවරඑළි දිස්ත්‍රික්කයේ  කුකුළා ඉදිරියෙන් ඇති නිසා කුකුළාට එකතු වී එම පළාත් පාලන අයතනයන්හි බලය පිහිටුවීමට පොහොට්ටුව තීරණය කර තිබේ. ඒ අනුව හැටන් නගරයේ පෙළපාලි යමින් සිටි තොන්ඩමන් මන්ත්‍රීවරයාට එකුතු වී සී.බී.රත්නායක මන්ත්‍රී වරයා දැක්වූ රංගනය පොහොට්ටුවේ ජන මතයට හිස නැමීමක් නොවේ.එහෙත් කුකුළාට දක්වන සෙනෙහස බුලත් කොළයට දක්වා රට තුළ ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමට තවමත් උත්සාහයක් ගෙන නැත.
   යහපාලන රජය විසින් ගෙන එන ලද පළාත් පාලන පණතේ සංශෝධන මගින් පරාජයට පත් වූ පක්ෂ වලට වඩා වැඩි නියෝජනයක් ලබා ගැන්මට අවස්ථාව සලසා දී තිබේ. එම තත්ත්වය මත ජය ග්‍රහණය කරන ලද ඇතැම් පාළන ආයතන වල බලය මුදල් වීසි කර ලබා ගැන්මට පරාජිතයන්ට හැකියාව ලැබී ඇත. මෙම ක්‍රමය මගින් අමු අමුවේම ජන වරම කොල්ල කනු ලබති. මේ ක්‍රමය අගයමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද නිවේදනයක් නිකුත් කර තිබීම මගින් හැඟවෙන්නේ රජය මැතිවරණ කොමිසම ආදී සියලුම පාර්ශව එක් කරගෙන මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණ ගත් බවයි. අඹගමුව ප්‍රාදේශිය සභාව තුනකට කැඩීමේ නියෝගය ලබා ගෙන තිබෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. සීමා නිර්ණ කමිටුවේ තීරණයක් නොවන බැවින් එයද නීත්‍යානුකූල නැත. එහෙත් එයට විරුද්ධව පැනවූ නඩුව විසි කර තිබේ. කෙසේ වෙතත් මේ සියළු නීති විරෝධි ක්‍රියා ආපස්සට හරවා නිවැරදි කරලිය හැක්කේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දුෂ්ඨ බලවේග මේ පාලනයෙන් ඉවත් කර ජනමතයට එකඟ ජාතික බලවේගයක් පත් කර ගැනීමෙන් පමණකි.කොනප්පු බණ්ඩාර එදා යමසිංහ බණ්ඩාර ප්‍රමුඛ විදෙස් බලවේග පරාජයට පත් කරන ලද්දේ උඩරට භික්ෂූන් වහන්සේලා මුල් කරගත ජාතික බලවේග සමග එක්වීමෙනි.මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවට ජනතා පූජාසනයේ පිපෙන්නට වරම් ලැබෙන්නේ එවැනි ක්‍රියාවකිනි.


No comments:

Post a Comment