පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, April 27, 2012

දඹුල්ලේ පල්ලියේ පැටිකිරිය මෙහෙමයි

                                              
           ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානය ඇතුලත් ප්‍රදේශය පූජා භූමියක් ලෙසට සංවර්ධනය  කිරීමේ බලාපාරොත්තුව  දිගුකාලයක සිට පැවතෙන්නකි. මේ මගින් වන්දනා කරුවන්ට  මෙන්ම භික්ෂූන් වහණ්සේලා උදෙසා ද අගනා කේනද්‍රස්ථානයක් බිහිවෙයි. සම්බුද්ධත්ව ජයන්තිය නොහොත් බුද්ධත්වයට පත් වීමෙන් වසර දෙදහස් හයසීයක් ගත වන මොහොතක මෙම කර්තව්‍යය රජයේ පුමඛතම යුතුකමක් බවට පත් විය යුතුව ඇත.
      ඓතිහාසික මාතලේ නිදහස් සටනට නායකත්වය දුන් රන්ගිරි දඹුල්ල ඉතිහාසයේ මහා පීඩනයන්ට ගොදුරු වූ පුණය භූමියකි. ඉංග්‍රීසීන් විහාරස්ථානයේ ඉඩ කඩම් රාජසන්තක කොට රජයේ කැලෑ බවට පත් කළහ. මෑතකදී සංවර්ධනය කළ අන්‍යාගමික දේවස්ථානයක් නිසා මේ පුණ්‍ය භුමිය මෙන්ම එම විහාරස්ථානයේ කැපකරු දායක පිරිස ද මහත් කැලඹීමට පත්විය. පූජා භුමිය වෙන් කිරීමේ දී සළකුණු කරන ලද ඉඩම් වලින් කොටසක් යළිත් නගර සංවර්ධනය සඳහා පවරා ගැනීමක් සිදු වී තිබේ. එයට හේතුව දඹුල්ල ලංකාවේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වීමයි. රාජකාරියට යටත් ඉඩ කඩම් සහිත මේ භූමිය එලෙස රජයට පැවරීමේ දී එයට හිලවු වශයෙන් ඉඩ කඩම් ප්‍රදානයක් ද සිදු වී නොමැත. පෙර රජ වරුන්ගේ නම් සිරිත එයයි. ශ්‍රී ජයවර්ධන පුර සරසවියට ඉඩ කඩම් ලබා ගැනීමේ දී පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට අයත් ඉඩම් ද ලබා ගන්නට සිදු විය .එයට හිලව්වට වෙනත් ස්ථානයකින් ඉඩම් ප්‍රදානය කෙරුණි. නමුත් මෙහිදී සිදු  වූයේ අනෙකකි.  පවරා ගන්නට යෙදුණු ඉඩම් නොයෙකුත් දේශපාලන හිතවත්කම් වලට දේශපාලන පන්දම් කාරයින්ට බෙදා දෙන්නට කටයුතු කෙරිණි. මේ මහා කැලඹීම ඇති වීමේ මූලික හේතුව එයයි.
        වත්මන් දඹුල්ල නගරය මෙලෙස දියුණට පත් වූයේ අසූව දශකයේ දී එහි පැවැත්වූණූ ගම් උදා ව්‍යපාරය නිසාවෙනි. විහාරස්ථනය අවට කඩ අටක් තානායමක් පොලිස් ස්ථානයක් වැනි ස්ථීර ගොඩනැගිලි කීපයක් පිහිටා තිබූ බව 1961 මිනුම්දෝරු සිතියම දක්වයි. ඉන්පසු ක්‍රමයෙන්  දඹුල්ල නගරය කුරුණෑගල හන්දියට සංක්‍රමණය විය. මහවැලි ව්‍යාපාරයේ ප්‍රතිලාභ නිසා ගොවීන් ඉතා ඉක්මනින් දියුණට පත් විය. මිරස් රට ලූණූ මෙන්ම එළවුළුද ඔවුන්ට වාසනාව ගෙනා පාරිභෝගික භාණ්ඩයන් විය. නමුත් ඒ සමගම මේ ප්‍රදේශයේ පාරම්පරික ගොවීන්ට අවාසනාවද නොඅඩුව ලැබුණි. මේ ප්‍රදේශයේ තිබූ කුඩා වැව් රාශියක් උලුප්පා ඩෝසර කරන ලද අතර පාරම්පරික ගම් බිම් අහිමි වූ සිංහලයින්ට නැවතත් ඉඩම් කට්ටි මැන වෙන්කර දෙන ලදහ.අන්‍ය ජන වර්ග මේ ප්‍රදේශයේ නොසිටි නමුත් ඔවුන්ට ද මේ භූමිය තුල ඉඩම් වෙන් කර දෙන ලද්දේ ජන වර්ග අනුපාතයට අනුවයි. මඩාටුගම කැකිරාවට ආසන්නයේ තිබෙන ගම්මානයකි. එහි මහ වැව ගබඩා වැවක් ලෙස ඉතිරි කර තබන ලදහ. එසේම එහි ගම්මානයේ ඉඩම් මුස්ලිම් ජන කොටසටද බෙදා දෙන ලදහ. කවදත් සහන ශීලී පිරිසක් වූ සිංහලයින් තමන්ගේ පාරම් පරික ඉඩම් මේ අන්‍ය ජාතිකයින් සමග බෙදා හදා ගන්නට කිසිම අකමැත්තක් නොදැක්වූහ.
       ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානයට ඉඩ කඩම් පූජා කරන ලද්දේ වලගම්බා රජු දවස සිටය.බුදු පිළිම වහණ්සේ ගේ හිසට නිකටට මෙන්ම වැලමිටටද මෙසේ ඉඩ කඩම් ප්‍රදානය කර දී ඇත. නිකවටවන යනු නිකටට පූජා කරන ලද ගමකි. වැලමිටියාව යනු වැලමිටට පූජා කර න ලද ගමකි. බඩ ගමුව හා පාදෙණිය ද එලෙසම ප්‍රසිද්ධය. මෙලෙස නිකටට පූජා කරන ලද නිකවටවන කලක් සිංහල බෞදධයින් ගේ පරවේණියක් විය. එහි මුල් නම නිකපටුනයි. මුගලන් රජු කළ ඔහුගේ සෙනපතියන්ගේ නින්දගමක් විය. මේ ඓතිහාසික පුරාණ  ගම්මානයන් එකල වෙළෙදාමෙන් සම්බන්ධකර න ලද්දේ නැගෙනහිර මුස්ලිම් වෙළෙන්දන් විසිනි. සෙනරත් රජු ගේ රාජ්‍ය කාලයේ දී පරංගීන්ගෙන් ගැහැට ලත් මේ වානිජයින් රජු ගේ අනුග්‍රහය මත කන්ද උඩරටට ඇතුලු වී සිංහලයින්ට රෙදිපිළි ලුණු ආදී ය වෙළෙදාම් කළහ. එක් මුස්ලිම් තවලමක් මේ නිකවටවන ගමේ නවාතැන් ගැනීමේ සිරිතක් විය. පෙර කී සෙන්පතියන්ගේ පරපුරකින් පැවත එන ගම්ප්‍රදානියෙකු ජීවත් වූ මේ ගම්මානයේ ඔහුගේ කරුණාව ලැබ යටකී වෙළෙන්දා ඔහුගේ නිවස අසලම සියඹලා ගසයට සිය තවලම ලිහා දමා විවේක ගැනීමේ පුරුද්දක් විය. කාලයාගේ ඇවෑමෙන්  ගම් ප්‍රධානියා හදිසියේ මරු වසඟයට පත් විය. දරුවන් නෙමැති ඔහුට සිටියේ සිය ආදරණීය බිරින්දෑ පමණි.  ගම්පති ගේ මරණයෙන් පසුව ඔහුගේ නිවසට පැමිණි මුස්ලිම් වෙළෙන්දා  ගම්පති නිවස උකසට සින්න වී ඇති බව කියා පෑවේය. මේ කිසිවක් නොදත් අසරණ භාවයට පත් ගම්පති වැන්දඹුව මේ ඉඩම වෙළෙන්දාට සින්න වන්නට ඉඩදී පිටමං විය. අවසානයේ දී මුස්ලිම් වෙළෙන්දා කපටි කමින් මේ ගැහැනිය ද රවටා ගෙන තම භාර්යාව බවට පත් කර ගත්තේය. එම පුරාණ ඉඩම අදත් හඳුන්වන්නේ කේනිවත්ත(ගෑනි වත්ත) යනුවෙනි.වර්තමානය වන විට මෙහි සිංහල ගමක් නැත. ඇත්තේ මුස්ලිම් ගම්මානයකි. එහි සිටි සිංහල පිරිස් එම ගමෙන් පිටව ගොස් ලේනව අසල පදිංචි විය. විහාර රාජකාරියද නැවතුණි. 1966 සැප්තැම්බර් මස 16 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අනුව ලේනව  කුඹුක්කඳන්වල  පාරම්පරික ඉඩම් ද ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පණත යටතේ රාජ සන්තක කර ඇති බව මෙහි සඳහන් කළ යුතුය. පාරම්පරික සිංහල ජනතාව කාලයක් තිස්සේම මෙලෙස මහත් සේ පීඩාවට පත් වෙමින් සිටී.
        රන්ගිරි දඹුල්ල විහාරස්ථානය අවට තිබෙන සියලුම ඉඩම් පමණක් නොව හේවිසි හඬක් ඇසෙන මානයේ තිබෙන සිලුම ඉඩම් පූජාකරන ලද්දේ විය. වාර්ෂිකව මේ රාජකාරි ඉඩම් වල ඉන්නවුන් ඉටුකළ යුත් රාජකාරි විය.තල මල් පිපෙන කාලයට තල මල් පූජා කිරීමද තල අස්වැන්නෙන් විශාල තල බෝල සාදා පූජා කිරීම ද විය. විසිවන සියවසේ මැද භාගයේ කොළඹ වන්දනා කරුවන් නිරන්තරයෙන් දඹුල්ලට ඇදෙන්නට වන්හ. ඔවුන් වෙනුවෙන් දඹුල්ලේ විහාරය ආසන්නයේ කඩපිල් ඉඳි විය. විහාරස්ථානයේ නායක හිමියන් ගේ අවසරය පරිදි සිංහල දෙමළ පමණක් නොව මුස්ලිම් වරුද මෙහි වෙළෙදාම් කලේ පැරණි සම්බන්ධකම් මතය. මඩකලපුවේ සිට පැමිණි උහුමදුන් ලෙබ්බේ නම් පුද්ගලයෙකු මෙලෙස විහාර හන්දියේ සිල්ලර කඩයක හිමිකාරයෙකු විය. නායක හාමුදුරුවන්ට පින්සෙන්ඩු වී මේ කඩය ලබා ගත් අතර හැටේ දශකයේ මේ කඩය ජයටම තිබූ බව පැරණියන්ට මතකය. නමුත් කලක දී ඔහු ගේ මරණයෙන් පසුව මේ කඩය අභාවයට ගියේය. ඥාතීන් ආපසු මඩලපුවටම ගියහ. නමුත් හැත්තෑව දශකයෙන් පසුව නැවතත් අකුරණින් පැමිණි මුස්ලිම් වරු මේ ස්ථානය නැවතත් අල්ලා ගෙන වෙළෙදාම් කර ගෙන ගියහ. ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා ද මේ ස්ථානයේ කුඩා යාඥා මඩුවක් පැවති බව පැරණියන් පවසති.
      අසූව දශකයේ ගම් උදාව පැවැත්වූ පසු දඹුල්ල දියුණුවිය. මහවැලි පෙදෙස් වලින් ලැබෙන අස්වැන්න මෙන්ම නෙයෙකුත් වෙළෙඳ බඩු සඳහා දඹුල්ල විවෘත විය. ඒ නිසා කුරුණෑගල හන්දියට නගරය විතැන් විය. 1981 දී පූජාභූමි සංවරධන සැලැස්මක් ද ක්‍රියාත්මක වූ අතර විහාර ආසන්නයේ තිබූ සිංහල වෙළෙඳ ස්ථාන සියල්ල ඉවත් කරන ලදී. නමුත් අකුරණ මුස්ලිම් වරුන් ගේ කඩ ඉවත් නොකරන ලදී.  ගලේ වෙල පුවක් පිටිය ආදී පෙදෙස් වල් සිටි මුස්ලිම් වරුන්ට සිංහල අයට වඩා සලකන ලදහ. ආර්ථික මධ්‍යස්ථානයේ ද කඩ ඔවුන් වෙත බහුලව ප්‍රදානය කෙරුණි.
      සියවස් තුනක පමණ සිට මෙලෙස දඹුල්ලේ සිංහල බෞදධයින් ගේ අයිතිවාසිම් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වන ආකාරය මේ සිදු වීම් මාලාවෙන් තේරුම් ගත හැකිය. අන්‍ය ජාතීන් ගේ ආගමික නිදහස වෙනුවෙන් තමන්ගේ උරුමය නැති කර ගත් පිරිසක් බවට අද සිංහල බෞද්ධයින් පත්ව ඇත. දඹුල්ලේ පමණක් නොව පොතුවිල් මූදූ මහා විහාරය කූරගල අනුරාධපුර මහ මෙවුනා උයන ආදී සෑම ස්ථානයකින් ම වාර්තා වන්නේ මේ තත්වයයි. නමුත් මෙහිදී වුවත් සිංහලයින්ගේ සහනශීළීත්වය ඉස්මතු වෙයි. ඉවත් කරන යාඥාමඩුව සාදා දෙන්නට මුදල් පවා දෙන්නට කරුණාව පහළ වෙන තරමට අපගේ නායක ස්වාමීන්වහණ්සේලා පරිත්‍යාගශීළී වෙති. එහෙත් මේ සම්බුද්ධ ජයන්ති වර්ෂයේ රජයේ පාර්ශවයෙන් ඉටු කර ගත යුතු බෙහෝ දේවල් ගැන උන්වහණ්සේලාට කල්පනාවක් නැත. උතුර සහ නැගෙනහිර බොහෝ සිද්ධස්ථාන තිබුණත් ඒවා තවමත් අනාරක්ෂිතය. පුරා වස්තු නිධන් වස්තු මංකොල්ල කෑමේ නිරත වන්නන් සිංහල බෞද්ධ උරුමයන් ද හිතාමතාම වනසති.
       මේ තත්වය සැලකිල්ලට ගෙන රජය උනන්දු කර ප්‍රශ්ණ සමහන් කර ගැනීම සඳහා මැදිහත් වන සිංහල දේශපාලනඥයින් ඉතා විරලය. සිංහල බෞද්ධයින් ගේ චන්ද වලින් බලයට පත්ව ඔවුන්ටම අකෘතඥ වන මේ පිරිස රටට ශාපයක් වී අහවරය. සිංහල දෙමළ මුස්ලිම් කිතුණූ සමගිය යනු ජාතියක් වශයෙන් නිවරදිව එකතු වීමයි. එහිදී ප්‍රධාන සංරචකය විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. එයට හානි නොවන පරිදි ජීවත් වීමට අන්‍ය ජාතිකයින් පෙළ ගැස්විය යුතුය. සිංහල පාර්ශවයෙන් කරුණාව ලැබ පවත්වා ගෙන ගිය දඹුල්ලේ යාඥාමඩුව ගැනද තත්වය එසේමය. එසේ නොවුණහොත් සිංහල බෞද්ධයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට එන පිරිස කිසිවෙකුටත් වළක්වාලිය නොහැකිවන බවද සැලකිය යුතුය.
                                                                                                                                                                                

Tuesday, April 3, 2012

ජාකික සමගියට ජාතික අලුත් අවුරුද්ද

                                    
       මෙවර අළුත් අවුරුදු දිනය 2012  අප‍්‍රියෙල් මස 13 දිනයට යෙදෙන අතර එදින සවස් වරුවේ අදාළ නැකත් යෙදී තිබේ. එයට හේතුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය සිදුවන්නේ පස්වරු 07.20 ට බැවිනි. එහිදී ඉදිරිපත් කර තිබෙන නැකත් අතර වැදගත්ම නැකත් කීපයක් යෙදී තිබේ. ඉන් පළමුවැන්න ආහාර පිසීමයි. අපි‍්‍රියෙල් 13 දිනයේ පස්වරු 12.56 ට පළමු සියලු වැඩ අහවර කොට පුණ්‍ය කටයුතු වල යෙදෙන ජනතාව ආහාර පිසීම ආරම්භ කරන්නේ පස්වරු 07.42 ට යෙදෙන සුභ මොහොතෙනි. එසේ නම් එම නැකත හා වේලාව ජාතියටම එකසේ වැදගත්ය. අලුත් ලිපක් සකස් කර නැවුම් මුට්ටියක කිරිබතක් පිළියෙල කර ගැනීම සමස්ත ජාතියම එකම මොහොතක සිදු කිරීම වෙනත් කිසිම රටක සිදු නොවන ඒකමතික කාර්යයකි.
    ජාතික නිෂ්පාදනයක් රටේ සිදුවුවද එය නිවැරදිව පරිභෝජනය කිරීමේ කලාව ප‍්‍රගුණ කොට එය ජාතියේ අභිවෘද්ධිය සඳහා යෙදීමේ අවස්ථාව මෙන්ම අප‍්‍රියෙල් 13 පස්වරු 10.28 යෙදෙන සුභ මොහොතින් වැඩ ඇල්ලීමත් ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමත් අවුරුදු චාරිත‍්‍ර අතර ඉතා වැදගත් සිදුවීම් වේ.
   මෙවර නැකැත් යෙදි තිබෙන්නේ පස් වරුවේ වුවද ආහාර අනුභවය නිවැරදි ආකාරයට කිරීම ජාතියේ පෝෂණයට හේතු වෙයි. මෙවර ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරිබතක් ආහාරයට ගැනීම නිර්දේශිතය. ගිතෙල් මගින් ශරීරය සෞම්‍ය භාවයට පත් කරන අතර ජීවනීය ගුණාංග ලබා දෙයි. කිතුල් හකුරු මගින් ක්‍ෂණිකව ශරීරය බල ගන්වයි. චතුමධුර නම් ශක්ති ජනක ලේහයේ ප‍්‍රධාන කොටස් දෙකක් වන මේ ආහාර කිරි බතට එක් වන විටදී ඇතිවන ශක්තිය අප නිවැරදිව තේරුම් ගත යුතුය.එසේම ඉදිරි වර්ෂය තුල මෙම ආහාර සුලභ කර ගැනීම ට අවශ්‍ය වන සැලසුම් ද මේ සමගම ඇති කර ගන්නේ නම් එය ජාතියේ අභිවෘද්ධියට හේතු වේ. අවාසනාවකට දිවි නැගුම වැනි වැඩ සටහන් වලදී මෙවැනි අරමුණු වලට ප්‍රමුඛත්වය දී නොමැත.
       ආහාර අනුභවයට ප‍්‍රථම යෙදී තිබෙන වැඩ ඇල්ලීම මගින් සංකේතවත් වන්නේ සමස්ත ජාතියම එකම අවස්ථාවක ජාතික නිෂ්පාදනය ආරම්භ කිරීමේ සිරිතයි. කිරි ඇති ගසකට කෙටීමෙන් වැඩ ඇල්ලීම ආරම්භ කළ යුතු අතර අල ලබා දිය හැකි පැළයක් හිටුවීම ද මෙහිදී වැදගත් වෙයි. මෙයට හේතුව 13 වන දින අපර භාග 04.26 ට සිංහ කරණය අවසාන වීමයි ඉන් අනතුරුව ලබන ඌරු කරණය වඩාත් ගැලපෙන්නේ අල වර්ග සිටු වීමටයි. නමුත් වල් ඌරන් ගේ හානි තිබෙන පළාත් වලදී එය සුදුසු නොවන බව ද මතක් කළ යුතුය. ජාතික නිෂ්පාදන වර්ෂයක් පිළිබඳ හැඟීමක් ජාතිය කෙරෙහිම ආරෝපණය කිරීමෙන් ඇතිවන ප‍්‍රබෝධය මෙහිදී ඉස්මතු වන බව කල්පනා කළ යුතුය.
    ගනුදෙනු කිරීමෙන් මුදල් හුවමාරුව සදහා අවස්ථාවක් යෙදෙන අතර ළිඳ සමග ගනුදෙනු කිරීම එහිදී ඉතා වැදගත් වේ. ජලය නොමැතිව ජීවත් වීමට කිසිවෙකුට නොහැකිය. ජලය ලබා දෙන ළිඳ පිරිසිඳු කොට ගැනීම  අවුරුද්දට පළමු කළයුතු දෙයකි. පිරිසිඳු ජලය ලබා ගැනීමට උල්පත් පාදා ගැනීම එහි අරමුණයි. ගනුදෙනු කරන අවස්ථාවේ දී ළිඳ වෙතට ගොස් කෘතඥතා පූර්වක හැඟීමෙන් නමස්කාර කිරීමත් ජලය නැවුම් භාජනයක  බහා සුරැකිව කබා ගැනීමත් සිංහල බෞද්ධයින් අනුගමනය කළ සද් කාර්යයකි.
     මුදල් ගනුදෙනු කිරීම වත්මන් සමාජයේ ප‍්‍රධාන කටයුත්තක් වුවද මුදල් මෙන්ම භාණ්ඩ හුවමාරුවද කළ හැක්කකි. වෙසෙසින්ම ආහාර නිෂ්පදනයට දායක විය හැකි වන පරිදි වී ගොවිතැනට අදාළ වන බිත්තර වී මල්ලක් හුවමාරු කර ගැනීමට හැකිනම් එය කෙතරම් අගේ කළ යුතු කාර්යයක් ද. එහිදී විවිධ වර්ගයේ වී ප‍්‍රභේද එයට යොදා ගත හැකිය. හිස තෙල් ගෑමේ චාරිත‍්‍රයද ඉතා වැදගත්ය. ඒ මගින් ජනතාවගේ සෞඛ්‍ය පැවැත්ම උදෙසා වටිනාකමක් ලබා දෙයි.      මෙම අලුත් අවුරුදු චාරිත‍්‍ර නිවැරදිව සහ අර්ථාන්විතව කිරීමට වත්මන් ජනතාව දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් ලෙසට දකිමි. එයට හේතුව වසර තිහක භීෂණ සමයෙකින් පසුව රටට සාමය උදාව තිබීමයි.
දෙමළ හා සිංහල ජනතාව අතර විරසකයක් නොමැති වුවද ත‍්‍රස්තවාදීන් හා විදේශීය බලවේග විසින් එවැනි විරසකයක් නිර්මාණය කර තිබීම මගින් අද මේ ජන වර්ගයන්ට ප‍්‍රධාන ජාතික ප‍්‍රවාහයට එක් වීමට අවස්ථාව ලබා දී නොමැත. ජාතිය භේද භින්න කිරීම සඳහා මෙලෙස දෙමළ මුස්ලම් ජනතාව ප‍්‍රධාන ජාතික ප‍්‍රවාහයෙන් ඈත් කර තැබීම යටත් විජිත යුගයේ සිටම සිදු වී තිබෙන බව පැහැදිළිය.
      බි‍්‍රතාන්‍යයන් 1885 නිවාඩු දින පණත මගින් අප‍්‍රියෙල් 11 , අප්‍රියෙල් 28 , සැප් 17 සහ දෙසැ 25 නිවාඩු දිනයන් ලෙසට ප‍්‍රකාශයට පත් කළහ. එය සිදුවූයේ සිංහල බෞද්ධයින් සැනසීම සදහා වෙසක් නිවාඩුව ඇති කළ පසුවයි. නමුත් මෙයින් සිත් අමාරුවට පත් පොන්නම්බලම් රාමනාදන් මහතා හින්දූන්ට ද නිවාඩු දිනයක් අවශ්‍ය බව ව්‍යවස්ථාදායක සභාවේ දී කියා සිටියේය. නිරන්තරයෙන්ම ලංකාවේ සුළු ජන වර්ග සැනසීම සඳහා ක‍්‍රියා කළ ඉංගී‍්‍රසි ආණ්ඩුව නැවතත් 1885 දෙසැම්බර් මස නව නිවාඩු දින පණතක් ඉදිරිපත් කරන ලදී. එහිදී නිල නොලත් මන්ත‍්‍රී ලිච්මන් යෝජනා කර සිටියේ අප‍්‍රියෙල් 28 බෞද්ධයින්ට ද අපි‍්‍රයෙල් 11 හින්දූන්ටද නිවාඩු දින වශයෙන් වෙන් කර දෙන ලෙසටයි. අලුත් අවුරුද්ද පිළිබඳව ඉංගී‍්‍රසි රජයේ දැක්ම එලෙස වූ අතර නිවාඩු දින පණතද සම්මත වුණි.
      මෙයින් පසුව අප‍්‍රියෙල් 11 දිනය සිංහල හා හින්දු අළුත් අවුරුද්ද යනුවෙන් භාවිතා කරන්නට විය. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ එම වසරේදී පළවූ ඈපා පංචාඬග ලිතේ අවුරුදු දිනය සඳහන් වූ ආකාරයයි. විශේෂණ  පදයක් නොමැතිව එය අළුත් අවුරුදු දිනය වශයෙන් නිවැරදිව සටහන් වී තිබුණි. අමුතුවෙන් සිංහල යනුවෙන් විශේෂණ පදයක් යෙදීම එකළ අවශ්‍ය නොවීය. එයට හේතුව මේ ජාතික උත්සවය සිංහලයින්ගේ උත්සවයක් ලෙසට චිරාත් කාලයක් භාවිතා වීමයි. මෙම ව්‍යවහාරය 1915 වර්ෂය පසු වෙන තුරුම  ඈපා ලිතේ පැවති බව පෙනේ. 1915 මුස්ලිම් සිංහල කෝලාහලයෙන් පසුව එය වෙනස් වී සිංහල අළුත් අවුරුද්ද යනුවෙන් සටහන් කරන්නට ඈපා  ලිත උත්සාහ කොට ඇති බව පෙනේ. මේ වන විට සිංහලයින් ගේ අයිතිවාසිකම් එකින් එක  සීමා කිරීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව උත්සාහ කිරීමේ ප‍්‍රථිඵලයක් වශයෙන් සිංහල ජාතික ව්‍යාපාරය ශක්තිමත් වීම මෙයට හේතුව වන්නට පිළිවන.
     1948 දී අප නිදහස ලබා ගත් නමුත් දේශීය ව්‍යවහාරයන් හා චාරිත‍්‍ර පිළිබඳව බහුතරයකට වැටහීමක් නොවුණි. සිංහල ජනතාව සුපුරුදු ලෙසට අවුරුදු උත්සවය පැවැත් වූ අතර  දෙමළ ජනතාව ඉන්දියාවේ පිළිවෙලට තෛපොන්ගල් සහ දීපවාලී උත්සවයන් පැවැත්වූහ. සූර්යයා ගේ ගමන අනුව දිවා රාතී‍්‍ර වශයෙන් අවුරුද්ද බෙදාගෙන බ‍්‍රහ්ම සංකල්පය ක‍්‍රියාත්මක කිරීම හින්දු සම්ප‍්‍රදාය විය. එහෙත් ලන්දේසි යුගයේ සිට මෙරට පදංචි කරන ලද දෙමළ ජනතාව  අප‍්‍රියෙල් මාසයේ 11 දිනය අවුරුද්දේ සතරවන මාසය ලෙසින් සලකා සිත්තර පුන්නාඩු යනුවෙන් වසන්ත උත්සවයක් පැවැත්වූහ. එයට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුනේ උඩරට නායක්කර් යුගයේදීය. එය කිසි ලෙසකින් වත් සිංහල අලුත් අවුරුදු උත්සවයට සමාන කළ නොහැකිය. චාරිත‍්‍ර සමූහයකින් සමන්විත එම උත්සවයට  ජාතික පරමාර්ථ කිසිවක් නොවීය.
     1983 ජූලි කලබල වලින් පසුව රජය සිංහල හා හින්දු ව්‍යවහාරය වෙනස් කොට 1984 සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් නව ව්‍යවහාරයක් හඳුන්වා දෙන ලදී. ඒ සුපුරුදු ලෙසටම දෙමළ ජනතාව සනසා චන්දය ලබා ගැනීමටයි. ඒ අවස්ථාව වන විට දෙමළ ජාතිවාදය ඉස්මතුව   රට දෙකඩ       කිරීමේ
ත‍්‍රස්තවාදය ඇරඹී තිබුණි. දේශපාලන යෝජනාවලියක් ඉදිරිපත්ව උතුර හා නැගෙනහිර ප‍්‍රදේශ වලට වෙනම පාලනයක් දීමට එකඟතාවයක් ද ඇතිවී තිබුණි. සිංහල හා දෙමළ ව්‍යවහාරය අළුත් අවුරුද්ද සඳහා යොදන ලද්දේ මේ ජාතිවාදී මතය තහවුරුකරලීම සඳහාය.
.          වත්මන් ජනාධිපතිවරයා ඇතුලු ති‍්‍රවිධ හමුදාව විසින් සියලු දෙනාගේ ආශීර්වාද ඇතිව ත‍්‍රස්තවාදය පරාජයට පත්කොට රට එකසේසත් කිරීමෙන් දැන් තෙවර්ෂයක් පමණ ගෙවී ඇත. ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී ඇත්තේ සියලුම ජන වර්ග එක ධජයක් යටතට ගෙන රට සැබෑ ලෙසටම එක්සත් කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමති වරයාව සිටි අවදියේ ඔහු අප‍්‍රසිද්ධව පුන පුනා කී කාරණා දෙකක් විය. එකක් නම් ජාතික කොඩියේ ජන වර්ග නියෝජනය කරන පටි දෙක ඉවත් කළ යුතුබවයි. අනෙක නම් අළුත් අවුරුදු දිනය ඇතුලු එම සතිය ජාතික උත්සව සතියක් ලෙසට නම් කළ යුතු බවයි. යුද්ධය අවසන් කොට ජනාධිපති වරයා කළ මුල්ම ප‍්‍රකාශයෙන්ද පැහැදිළි වූයේ මෙරට තවදුරටත් සුළු ජන වර්ග යයි කිසිවෙක් නොසිටිය යුතු බවයි. එහෙත් ඔහුගේ අභිලාෂයන් මෙතෙක් ඉටු වී නොමැති බව පැහැදිළිය.
     අළුත් අවුරුදු උත්සවය ඇරඹෙන්නේ බක් මාසයේ වෙසෙසි අවස්ථාවකදීය. එහෙත් එය හුදෙක් වසන්ත උත්සවයක් නොවේ. එබැවින් එය බක් මහ උළෙල යනුවෙන් හැඳින්වීම නිවැරදි නොවේ. සූර්යයා හෙළ රාශියට නොහොත් මේෂ රාශියට සංක‍්‍රමණය වීමෙන් අවුරුදු චාරිත‍්‍ර ආරම්භ වුවද අවුරුදු උත්සවය සූර්ය මංගල්‍යයක් පමණක් ද නොවේ. එය වසර දහස් ගණනක් තිස්සේ විවිධ චාරිත‍්‍ර මත   සංවර්ධනය වූ  ජාතික උත්සවයක් වී අවසන්ය. ජාතික නිෂ්පාදනයන් පිළිබඳ අභිලාෂයන් ද නිවැරදි පරිභෝජනය ඇති කරවන හුරුපුරුදු මෙන්ම සෞඛ්‍ය සංරක්ෂණය හා බැඳි සාර ධර්ම මෙහිදී පුරුෂාර්ථ ලෙසට ඉස්මතු වේ.
      ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත්ව ගිය පසු ජනවාරි පළමු වැනිදා අවුරුදු දිනයක් ලෙසට යොදා ගැනීම ද අපගේ ජාතික උත්සවය හෑල්ලු කිරීමක් විය. ජනේරුව යුරොපයේ ක‍්‍රිස්තියානි සංස්කෘතියෙන් ඔප් නැන්වුනු උත්සවයෙකි. ලංකාවාසීන් තවමත් මෙම උත්සවයට අනුගත වීමට දරන වෑයමෙන් පැහැදිළි වනුයේ අපගේ යටත් විජිත මනසයි. බක් මාසයේ යෙදෙන අවුරුදු උත්සවය වසන්ත සැණකෙළියක් ලෙසට ලඝු කිරීමට වර්ථමානයෙහි දරන උත්සාහය විසින් මේ ජනේරුව අවුරුදු දිනයක් ලෙසට තව තවත් තහවුරු වීමක් සිදුවෙයි. මේ රටේ සිටින බහුතරයක් වෙළෙද ප‍්‍රජාවට අවශ්‍ය වනුයේ එය ස්ථීර කර ගැනීමයි. අවුරුදු උත්සවය හුදෙක් භෝජන සංග‍්‍රහයක් පමණක් වුවහොත් තමන්ගේ බඩු භාණඩ විකුණා ගැනීමේ අවස්ථාවන් වැඩි වැඩියෙන් මතුවේ. මේ තත්වය විශාල සංස්කෘතික පරිහාණියකට හේතුවක් වන බව කිව යුතුය.
    අළුත්අවුරුදු දිනය ජාතික උත්සවයක් වීමට නමි මේ රටේ ජීවත් වන සියලුම ජනතාව එයට එක්වියයුතු වෙයි. මෙම අවුරුදු උත්සවයෙහි එයට බාධාවක් පැන නොනගී. දෙමළ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාවට ද මේ ජාතික නිෂ්පාදනය පිළිබඳ උත්සවයේ දී එක අරමුණකින් දායක විය හැකිය. කතෝලිකජනතාවටද එසේමය. පුණ්‍ය කාලය තුල තම තමන්ගේ ආගමික කටයුතු කිරීමෙන් අනතුරුව මේ ජාතික කාර්යයට එක්විය හැකිය. ගෝනියකට පොල් එකතු කරනවා මෙන් ජාතිය එක්සත් කිරීමට වෑයම් කරලීමට වඩා මේ සූත‍්‍රය ඉතා ප‍්‍රායෝගික වනු ඇත.  ඉදිරි අළුත් අවුරුදු උත්සවය මගින්ම මේ සද් කාර්යය දියත් කිරීමට හැකි නම් එය ජාතියේ ඉදිරි ගමනට ඉතා වැදගත් වනු නිසැකය.